හිටිහැටියේ නාඋල ඇදහැළුනු වර්ෂාවෙන් මාර්ග රැසකට හානී
නාඋල - ඉන්දික අරුණ කුමාර

පසුගිය ඉරිදා (19) පස්වරැවේ නාඋල ප්‍රදේශයට ඇදහැලුනු හදිසි වැසි තත්ත්වය හමුවේ ප්‍රදේශයේ මාර්ග රැසකට බරපතල හානී සිදුවී ඇතැයි ප්‍රදේශ වාසිහු කියති.
පැය ගනනක් තිස්සේ නොකඩවා ඇති වු වැසි තත්ත්වය හේතුවෙන් කොන්ක්‍රිට් හෝ තාර නොදැමු මාර්ග වලට දැඩි හානි සිදුව තිබේ.
උස් භූමි සහිත ප්‍රදේශ රැසක් පිහිටි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාඋල,නිකුල,පේරකනන්ත,පිලිහුඩුගොල්ල,රජාවෙල හා හැලඹගහවත්ත ආදී ග්රාමනිලධාරි වසම් රැසක මාර්ග වලට වර්ෂාව හේතුවෙන් හානි සිදුව තිබේ.
සෑම වසරකම පාහේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතිවන වර්ෂා තත්ත්වය හමුවේ මාර්ග රැසක් දැඩිසේ අඹලන් වන බවත් මේ සදහා ස්ථිර සාර මාර්ග පද්ධතිවල අවශ්‍යතාවක් පවතින බව ප්රදේශවාසිහු අවධාරනය කරති.
නාඋල ප්‍රාදේශිය ලේකම් කාර් යාලයෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී එහි මාර් ග සංවර්ධන විෂය සම්බන්ධයෙන් වග කිවයුතු නිලධාරියෙකු කියා සිටියේ 2019 වසර සදහා නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාර් ග සංවර් ධන කටයුතු රැසක් සිදුවන බවයි.