kandy news web
kandy news web

මාතලේ තර්ජනාත්මක ලිපි භීතියට හේතුව පෞද්ගලික ප්‍රශ්නයක්

0 41

අරංගලයාය ප්‍රදේශයේ මහජනතාව කලක් තිස්සසේ භිතියට පත්කරමින් මරණීය තර් ජන සහිත ලිපි නිවෙස් වලට දැමීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් අවුරුදු දාසයක (16) තරැණයාගෙන් ඊට හේතු වු කරුණු අනාවරනය කරගත් බව නාඋල පොලිසිය කියයි. 

පෞද්ගලික පංතියකදි ඉගැන්වීම් සිදුකළ ගුරුවරයෙකු සැකකරුගේ කනෙන් අල්ලා මිරිකීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඇති වු කේන්තියක ප්‍රතිඑලයක් ලෙස එම මරණිය තර්ජන සහිත ලිපි සැකකරු විසින් ලියා නිවෙස් වලට දමා ඇති බව නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඊයේ(20) නාඋල ශ්‍රී නාග ජාතික පාසල් ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමක දී කියා සිටියේය.

AD2

පසුගිය දා නාඋල පොලිසිය හා ප්‍රදේශයේ මහජනතාව ද එක්ව අරංගල යාය ප්‍රදේශයේ නිවෙස් වල ට රාත්‍රි කාලයේ මරණිය තර්ජන සහිත ලිපි දමන පුද්ගලයෙකු සම්බන්ධයෙන් දිර්ඝ මෙහෙයුම් සිදුකෙරිනි.

ගම්මානයක් භිතියට පත්කරමින් සිදුවු මෙම ක්‍රියාව අතරතුර ප්‍රදේශයේ නිවසක නවතා තිබු වෑන් රථයක් හා යතුරැපැදියක් ගිණි තබා විනාශ කර තිබිනි.

මෙම සිද්ධියට අදාලව අරංගල යාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරැදු 16 ක තරුණයෙකු සැක පිට අත්අඩංගුවට ගැනීමට නාඋල පොලිසිය සමත්විය.

නාඋල අධ්‍යාපන කළාපයේ පසල්වල ආරක්ෂා සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරිම සදහා මෙම උත්සවය පැවැතිනි.

මේ සදහා නාඋල, බොබැල්ල,අඹන හා දේවරාදපොල පාසල් හි අධ්‍යාපනනය ලබන දෙමව්පියන්ගේ දරුවන් සහභාගී වී සිටියහ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස්ථානාධීපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා කියා සිටියේ රැවන් සම්බන්ධයෙන් දෙමව්පියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

කොතරම් හොද මට්ටමේ දරුවෙකු උවද යම්කිසි කාරණාවක දි ඔවුන්ගේ ආකල්ප වෙනස් වන බවත් එවැනි අවස්ථාවන් වල දි සමස්ථ සමාජයම ඉන් පිඩාවට පත්වන බවයි.

මෙම අවස්ථාව සදහා පාසල් රැසක් නියෝජනය කරමින් විද්‍යාල රැසක දෙමව්පියන් හා නියෝජ්‍ය විදුහල්පතිවරැන් රැසක් සහභාගී වී සිටියහ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More