kandy news web
kandy news web

ගුරුවරියකගේ ඇදුමක් හේතුවෙන් දෙමාපියන් පාරට බසී

හේරත් ඒකනායක - මහනුවර

0 29

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක මුස්ලිම් ගුරුවරියන් පිරිසකගේ ඇඳුම් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් ගැටළුවක් පැණ නැගී ඇත.

මේ හේතුවෙන් අද (17) උදෑසන විද්‍යාලය ඉදිරිපිට ගුරුවරුන් හා දෙමාපියන් එක්ව විරෝධතාවයක නිරත විය.

මුස්ලිම් ගුරුවරියන් පිරිසකගේ ඇඳුම් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් මුල්කරගනිමින් මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක ගුරුවරුන් සහ මව්පියන් විරෝධතාවක නිරත වී ඇත.

අදාල පාසලේ මුස්ලිම් ගුරුවරියන් 16 දෙනෙකු සේවය කරන අතර ඒ අතුරින් 05 දෙනෙකු ආරක්ෂාව වෙනුවෙන් ගැලපෙන අන්දමේ ඇදුමකින් සැරසී ඒම ප්‍රතික්ෂේප කර ඇත.

මේ හේතුවෙන් අදාල ගුරුවරියන්ට පාසලට ඇතුල්වීමට අවස්ථාවද අද දින දෙමාපියන් හා ගුරුවරුන් ලබා දී නොමැති අතර මේ පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා දැනුවත් කිරිමට පියවර ගනු ලැබූව ද මෙතෙක් ඒ සඳහා විසදුමක් ලැබී නොමැති බව ඔවුන් පවසා සිටියි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More