kandy news web
kandy news web

සහරාන්ගේ ප්‍රබල තිත්පලක් නුවර අරුප්පලින් සොයාගැනේ

0 27

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් මහනුවර ප්‍රදේශයෙන් සොයා ගැනේ.

මහනුවර අරුප්පල ප්‍රදේශයේ ධර්මාශෝක මාවතේ පිහිටා තිබී ඇති දෙමහල් සුවිසල් නිවසක් වන මෙම තිත්පල විශාල තාප්පයකින් වටව නිමකර තිබී ඇති අතර එහි නිවාසයට අමතරව විශාල ප්‍රමාණයේ ගරාජයක්ද තිබෙන බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

AD2

යුධ, නාවික, ගුවන් හා පොලිස් බලඇණි දින ගණනාවක මෙහෙයුමකින් අනතුරුව මෙම නිවස පිළිබඳ ඊයේ (16) තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ මෙතෙක් මහනුවර නගරයේ සිදුකළ මෙහෙයුම් වලදී අන්තවාදී කණ්ඩායම්වලට අයත් බවට සැකපිට අත්ඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම මඟිනි. 

මෙම නිවස ව්‍යාපාරිකයෙකු විසින් නවාතැන්පලක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එහි පවත්වාගෙන යන දත්ත ඇතුළත් කරනු ලබන පොත මගින් මෙම ත්‍රස්තවාදි කණ්ඩායම සති 02ක් පමණ කාලයක් මෙහි නැවතී හිඳිමින්  අදාල සාකච්ඡා, දේශන, හා පුහුණුවීම් රහසිගතව සිදුකරගෙන යන්නට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම කණ්ඩායමේ 08 දෙනෙකු පමණ මෙහි සිටි බවට තොරතුරු අනාවරණය වන අතර ත්‍රස්ත කණ්ඩායම් මෙම නිවසේ රැඳී සිටියදී ඔවන් මුණගැසීම සඳහා බාහිර පුද්ගලයන් කීපදෙනෙකු සුඛෝපභෝගී වාහනවලින් වරින් වර පැමිණ ඇති බවද එම නිවසේ සේවකයන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.

එම සංවිධානයට අයත් ප්‍රබල සාමාජිකයන් 2018 වසරේ සිට මෙම ස්ථානය සිය දේශන පැවැත්වීමේ පුහුණූ කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත් එම සංවිධානයේ නායකයා ඇතුළු නායකයින් රැසක්ද මෙහි පැමිණ සිට ඇති බවද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

අදාල නිවෙස සෝදිසිකිරීමේදී අන්තවාදීන් විසින් භාවිත කරනු ලැබූ බවට සැක කෙරෙන පොත් පත් රාශියක් සහ දේශන පැවැත්වීමේදී පාවිච්චි කරනු ලැබූ ආම්පන්න කිහිපයක්ද සොයාගෙන ඇත.

මෙම නිවස පිළීබඳ තොරතුරු ලබාගත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මහනුවර ප්‍රදේශයෙන් සැකකරුවන් සිවු දෙනකු මේ වන විට මහනුවර පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරමින් යන බව පොලිසිය ප්‍රකාශ කරයි.

ලංකාදීප

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More