පාස්කු ප්‍රහාරයේ ත්රස්තයන් නැවතී සිටි නිවාස 17ක් සොයාගැනේ

අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයට වගකිවයුතු ත්රස්තයන් නැවතී සිටි ආරක්ෂිත නිවාස කිහිපයක් පිළිබඳ තොරතුරු මේ වන විට සොයාගෙන ඇතිබව වාර්තා වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එවැනි නිවාස 17ක් පිළිබඳ තොරතුරු මේ වන විට ලැබී ඇති බවයි.
කටුවාපිටිය, ශාන්ත අන්තෝනි පාර, සරක්කමුල්ල, කොළඹ, ටෙම්පල් පාර ගල්කිස්ස, එඩේරමුල්ල, වනාතවිල්ලුව, මයුර පෙදෙස කොළඹ 3,සයිදන්මරු,කලගෙඩිහේන,මල්වාන,කොච්චිකඩේ,දලුවකොටුව,වාලච්චේන,හෙට්ටිපොල,කටුපොත,නින්දූර් හා සමන්තුරේ ප්‍රදේශවලින් එම නිවාස සොයා ගත් බව පොලිස් අධිකාරීවරයා කීය.