kandy news web
kandy news web

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

මැතිව්ස්ගෙන් සහ කුසල්ගෙන් විශිෂ්ඨ දක්ෂතා

0 184

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද අවසන් වුණා. තරගයේ අවසන් දිනය වූ අද දිනයේ තරඟය ආරම්භ වීමට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වු අතර ඒ හේතුවෙන් තරඟය පැය එකහාමාරක පමණ ප්‍රමාදයකින් පසු ආරම්භ කෙරුණේ.

එහිදී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවි ලකුණු 287 ක් ලබා සිටියදී නැවත තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 120 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 141 ක් ලබා සිටියා. කෙසේ වෙතත් වර්ෂාව දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරඟ තීරකයන් තරඟය නතර කිරීමට පියවර ගනු ලැබුවා. 

AD2

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවි ලකුණු 282ක් රැස් කළා. එහිදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 83ක් ලබාගැනීමට සමත් විය. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 80ක් ලබාගත්තේ හතරේ පහර 11ක් සමගින්. හතරේ පහර 11ක් සමගින් දිමුත් කරුණාරත්න ලකුණු 79ක් ලබාගැනීමට සමත් විය. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් නොවීය. 

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුතී පන්දුවාර 27කදී ලකුණු 68ක් පමණක් ලබාදෙමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. නෙයිල් වග්නේර් කඩුලු දෙකක්ද ටේ‍රන්ට් බෝල්ට් සහ කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය. 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 578ක් රැස් කළා. එහිදී ටොම් ලාතම් නොදැවී ලකුණු 264ක් ලබාගැනීමට සමත් විය. ඊට හතරේ පහර 21ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය. නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ලකුණු 91කට දැවී ගියා. රොස් ටේ්‍රලර් සහ හෙන්රි නිකොලස් ලකුණු 50 බැගින් දවා ගැනීමට සමත් විය. කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් ලකුණු 49කටත් ජීට් රාවල් ලකුණු 43කටත් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යන ක්‍රීඩක ළහිරු කුමාර පන්දුවාර 31.3කදී ලකුණු 127කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරා කඩුලු දෙක බැගින් දවා ගත් අතර සුරංග ලක්මාල් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. 

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන අවස්ථාව වන විට කඩුලු 3කට ලකුණු 287ක් ලබාගෙන සිටියා. එහිදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 120ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 10කට දැවී ගිය අතර ධනුෂ්ක ගුණතිලකට ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණයි. 

පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු දෙකක් සහ ටේ‍රන්ට් බෝල්ට් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. 

තරගයේ වීරයා ලෙස ටොම් ලාතම් නම් කෙරුණා. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26 වන දින ක්‍රිස්චර්ච්හිදී පැවැත්වීමට නියමිතයි. 

අද අවසන් වූ තරගයේ ලකුණු පුවරුව පහත පරිදි වේ. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More