kandy news web
kandy news web

බුදු දහමට ප්‍රමුඛස්ථානය නොදි කටයුතු කළ ඇතැම් දේශපාලකයින් හේතුවෙන් රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ දම්මදස්සි නා හිමියෝ සදහන් කරති

නාඋල - ඉන්දික අරුණ කුමාර

0 58

බුදු දහමට ප්‍රමුඛස්ථානය නොදි කටයුතු කළ ඇතැම් දේශපාලකයින් හේතුවෙන් රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ දම්මදස්සි නා හිමියෝ සඳහන් කළහ.

මෙවැනි තත්ත්වයක් හමුවේ බෞද්ධ පුරා වස්තු පවා ආරක්ෂාකර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති තත්ත්වයක් උද්ගතව පවතින බව උන්වහන්සේ කියා සිටියහ.

AD2

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක ධුරන්ධර, කුරුණැගල ඇත්කද රාජ මහ විහාරාධිපති, අධ්‍යාපනපති පුජ්‍ය ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී බුද්ධරක්ඛීත රතපාල ධම්මදස්ස්‍යාභිධාන නායක ස්වාමින් වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ ඓතිහාසික ලෙනදොර ශ්‍රී මලියදේව පිරිවෙන් මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී මලියදේව ස්ථුපයේ කොත් නිරාවරණය හා ශෛලමය සිරිපා අනුරුව විවෘත කිරිමේ උත්සවයට ඊයේ (15) එක්වෙමිනි.

ප්‍රදේශ රැසක පුජණිය මහා සංගරත්නයේ සහභාගීත්වයෙන් හා ගිහි පිංවතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.

ලේනදොර පුරාණ විහාරස්ථානයේ මනරම් කදු පංතිවලින් වටවු උස් භූමී භාගයක ඉදිකරන ලද මෙම චෛත්‍ය රාජයානන් වහන්සේගේ කොත නිරාවරණය සදහා එක්වු අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ අනුදැන වදාලහ.

‘ සිංහල ජාතිය පහලට දමා කටයුතු කරන්නට අවශ්‍ය පසුබිම සකසා දීමට ඇතැම් පිරිස් කටයුතු කිරිමේ තත්ත්වයක් හමුවේ අද වන විට විවිධ ගැටුම් නිර් මානය වීමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා.

මෙවැනි තත්ත්වයක් හමුවේ අපි කලබල වෙන්න හොද නැහැ. අපි අවිහිංසාවාදී ආගමක් අදහන පුද්ලයින්.

රාජ්‍ය ව්‍යවස්ථාවේ තියන ආකාරයටම බුද්ධාගමට දියයුතු ස්ථානය හරි හැටියට ලබාදීලා රාජ්‍ය පාලකයෝ කටයුතු කරනවද කියලා ටිකක් සැකයක් තියෙනවා.

ව්‍යවස්ථාවේ සදහන් වෙනවා  ශ්‍රී ලංකා ජන රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේය. බුද්ධාගම  සුක්ෂිත කර පෝෂණය කරන්නේය කියලා.

මේක ප්‍රකාශනයක් හැටියට ව්‍යවස්ථාවේ තිබුනට මදි.

මෙක රවට්ටන්න ඇතුළත් කරපු වගන්තියක්දෝ කියලත් හිතෙනවා. අපි හැමදාම එදත් අදත් ප්‍රකාශ කළා බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරිම රජයේ වගකීම නම් එදා රජවරැ තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඒක ආරක්ෂා කළා නම් අදත් මේ රටේ රාජ්‍ය නායකයෝ බුද්ධාගම ආරක්ෂා කරන්නේ කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නේ  පෝෂනය කරගන්නේ කොහොමද බුද්ධ ශාසනය කියන්නේ හාමුදුරැවෝ විතරක් නෙවෙයි. බුදුරජානන් වහන්සේ නමින් යමක් ගොඩනැගුණා ද ඒ සියල්ලම බුද්ධ ශාසනයටයි.

මව් කුසේ ඉන්න දරැවෙකුට පිරිත් ටිකක් කියනවද එතන ඉදලා මුලු බෞද්ධයාගේ ජීවිතයත් කියන මේ සියල්ල බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා.

බුද්ධාගම තුළ අවිහිංසාවක් පවතින නිසා තමයි මේ රටේ අනෙකුත් ජාතීන්ට ජිවත්වෙන් පුලුවන්වෙලා තියෙන්නේ.

කාදිනල්තුමා ප්‍රකාශකරනවා කතොලික ප්‍රජාවටත් බොහෝදුරට ආරක්ෂා වෙන්න බලපෑවේ මේ රටේ බුද්ධ ධර් මයයි බුද්ධ ශාසනික චාරිත්‍ර ධර් මයි කියලා.

මේක පිළිගන්නේ නැති සමහර අන්ධ බාල බෞද්ධ කමක් සංස්කෘතියක් සිංහල කමක් ගෑවිලාවත් නැති සමහර දේශපාලකයෝ මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කියන අවස්ථා තියෙනවා.

මැති ඇමතිවරැ කිහිපදෙනකේ මා මුණ ගැසෙන් ආපු වෙලාවේ පසුගිය දවසක මම කිව්වා මේ ප්‍රකාශය රජයේ ප්‍රකාශයක් ද නැද්ද කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන් ඕනෑ කියලා.

නැතිනම් රටේ ජනතාවට රජය කෙරෙහි සමහර වෙලාවට අප්‍රසාධයක් ඇති කර ගන්නවා කියලා මම ඒ අයට කීවා.

මේවා අහලා නිශ්ශබ්දව හිටියනම් මේ රටේ බෞද්ධ අනන්‍යතාවයට හානියක් වෙනවා.

වෙහෙර විහාර ගොඩනගන්න දායකයින්ගෙන් සල්ලි ඉල්ලන්න බෑ මිනිස්සුන්ට අමාරැයි කන්ට නෑ. පදිංචි ප්‍රදේශයේ ඉස්කොලෙකට ළමයෙක් යවාගන්න නෑ.

ඉතින් ඒ නිසා තමයි මේ රටේ භික්ෂුන් වහන්සේලා හැටියට අනාධිමත් කාලෙක ඉදන් රැකගෙන ආපු බෞද්ධාගම රැකගන්න කටයුතු කරමින් ඉන්නේ “ යැයි ද කියා සිටියහ.

මෙම උත්සව සභාව සදහා ඓතිහාසික ලෙනදොර ශ්‍රී මලියදේව පිරිවෙන් මහා විහාරයේ විහාරාධිපති  පූජ්‍ය තලකිරියාවේ සීලරථන ස්වාමීන් වහන්සේගේ ආරාධනා පරිදි උතුරැ මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෙරගම චන්ද්‍රරථනාභිධාන මහනාහිමියන් ප්‍රමුඛව නාඋල සඝ පරපුරේ නායක ස්වාමීන් වහන්සේ ලා සහ අවට ප්‍රදේශයන් හි පුජ්‍යතර මහා සංඝරත්නය විශාල පිරිසක් මෙන්ම ප්‍රදේශයේ ගිහි පිංවතුන් රැසක් ද එක්ව සිටියහ.

මෙම උත්සවය සදහා දඹුල්ල, ගලේවෙල හා දඹුල්ල විශේෂ කාර් ය බළකායේ සෙබළන් ඇතුළු ව්ශේෂ පොලිස් නිලධාරින් රැසකගේ ආරක්ෂාවද හිමිවි තිබිම විශේෂත්වයක් විය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More