kandy news web
kandy news web

මධ්‍යම අණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත පළාතේ සියළුම මත්පැන් සැල් තාවකාලිකව වසා දමයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 33

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

අද (14) උදැසන සිට විවෘත කර තිබු  මත්පැන්සැල් අද පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර ඇත.

AD2

මත්පැන්සැල් වසා දැමිම සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ඇතැම් පලාත් වල මේ දිනවල පවතින නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ  අද සිට සතියක් පුරා මධ්‍යම පලාතේ මත්පැන් සැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස්වරයාගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කල බවයි.

අද දිනයේ මත්පැන්සැල් වසා දමා ඉදිරි දින කිහිපයේදි මත්පැන් සැල් වසා දැමිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිරණයකට එළඹිය හැකි බව සුරාබදු කොමසාරිවරයා විසින් ආණ්ඩුකාරවරයාව දැනුවත් කර ඇති බවයි මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියා කියා සිටියේ. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More