ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් – ගැසට් පත්‍රය නිකුත් වේ

පසුදින ඇතිවූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ලංකාවේ ඒ වනවිට පැවති අන්තවාදී සංවිධාන 03ක් 2019 අංක එක දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බල ප්‍රකාරව පසුගිය මස අප්‍රේල් 27 වන දින ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබුවේය.
එ් යටතේ ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය අද (14) ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම සංවිධාන තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිතුමන් විසින් නිකුත්කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල ප්‍රකාරවය.