kandy news web
kandy news web

සිසුන්ගේ පැමිණීම දුර්වලයි

0 34

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ආරම්භ විය.

නමුත් සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

AD2

එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුව ඇති බවයි.

දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණි.

එහෙත් මේ වන තෙක් එම ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණිමද යථාතත්වයට පත්ව නොමැත.

මේ අතර කඳුකරයේ ප්‍රාථමික පාසල්වලද සිසුන්ගේ පැමිණීම සියයට එකක් වත් නොමැති බව විදුහල්පතිවරුන් පවසයි.

ප්‍රදේශයේ බොහෝ පාසල්වල දරුවන්ගේ පැමිණිම ඉතා අවම මට්ටමක පැවති අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනෙකුට වඩා නොපැමිණි බව විදුහල්පතිවරුව් පවසා ඇත.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More