kandy news web
kandy news web

කදුළු කතාවලට පසු පුද්ගල මානසික තත්තත්වය

සෙලානි අ‍බේකෝන් - උප‍දේශන නිළධාරී

0 39

පසුගිය 21  වනදා සිදු වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ ජනතාව තුළ නැවත යුධ බිය ඇති කරමින් ආරක්ෂාව පිළිබඳ මතභේද ඇති වෙමින් පවතී.

 ඒ ප්‍රහාරය හරහා මිනිස් ජීවිත 250 ගණනක් අහිමි වූ අතර කදුළු කතා සිය දහස් ගණනක් ඇති වෙමින් පවතී.

සමහරුන්ගේ පවුල් පිටින් නැති වන විට සමහර පවුල් වල එක්කෙනා දෙදෙනා බේරෙමින් ලේ ඥාතීන් අහිමි වන්නට විය.

සමහර අය එම සිද්ධියට මුහුණ දී තම ජීවිත බේරුණද තම ඥාතීන්, අසල්වැසියන්ගේ ජීවිත අහිමි වීමි සිය ඇස් පනාපිටම සිදු වුණ බව දැක භීතියට, අසරණ බවට සහ කරකිය ගත නොහැකි වූ අසරණ මානසික තත්ත්වයන්ට මුහුණ දෙන්නට විය.

මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක්ට තම පවුලේ සියලු දෙනා අහිමි වූ අතර ඔවුන් සිය ඇස් පනා පිට දැවෙන අයුරු දුටු ඔහු එතැනම ක්ලාන්ත වී වැටී ඇත.

අනතුරුව ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර අතර ඔහුට සිහිය එන වාරයක් පාසා තම ඇස් පනාපිට දැවී ගිය ඥාතීන් ගැන කියමින් සිහිය එන පමණින් ක්ලාන්ත වෙමින් පසුවිය. 

එම සිද්ධිය සමග ඇති වූ එවැනි වූ කදුලු කතා කොපමණ ඉදිරියට අසන්නට දකින්නට අපට සිදුවනු ඇත්ද? මෙවැනි ව්‍යවසන අවස්ථා වලදී කදුලට ඉඩ දෙනවා සේම, එම කදුළු සලන්නන්ට පිහිටක්ව ඔවුන්ව සැනසීමට අසා සිටීමට සහ ඔවුන්ට පිහිටක් වීමට අපට අපගේ මානූෂියත්වයද පෙරට ගෙන ආ යුතුය.

එහිදී සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා උපදේශකවරයෙකුට ප්‍රබල මැදිහක්වීමක් සැපයිය හැකිය .. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද ඒ පිළිබඳ වරින් වර අවධාරණය කරන ලදී.

එනම්, මෙවැනි සිද්ධියකින් පසු පුද්ගලයින් එම සිද්ධිය කළමණාකරණය කර ගත නොහැකිය විවධ වූ මානසික මට්ටම් වලට යා හැකිය.. එනම්, එම සිද්ධිය දරා ගත නොහැකිව, අමතක කිරීමට නොහැකිව ඔවුන්ගේ මානසික මට්ටම දැඩි පීඩාකට පත් වේ. තමාට තමා නැති වූ ලෙස දැනේ.. මෙම මානසික තත්ත්වය පහත පරිදී දැක්විය හැකිය..

මනෝවෛද්‍ය විද්‍යාවේදී සහ උපදේශනයේදී PTSD යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය-ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව ක‍්ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි. එනම් එ‍සේ, මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්ෂණ පෙන්නුම් කරන තත්ත්වය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder)  යනු'' අතිශය පීඩාකාරී මානසික අත්දැකීමක් නිසා ඇතිවන තත්ත්වයකි.

මේ මානසික තත්ත්වය.. යුද්ධය.. භීෂණය… ළමා කල අපයෝජනයන්ට ලක් වීම… ලිංගික අතවරයකට ලක්වීම ආදි සිද්ධියකට මුහුණ දීම මත ඇති විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස සංවේදිතාවයෙන් බැහැරව  අසංවේදීව බාහිර පරිසරයට ප්‍රතිචාර නොදක්වන පුද්ගලයෙකු ‍‍ලෙස කටයුතු කරයි. එම තත්ත්වය මාස කිහිපයක සිට වසර ගණනාවක් තෙක් වුවත් දීර්ඝ වීමට පුළුවන.

මේ මානසික අක්‍රමතාවය පිළිබඳ රෝග නිශ්චය හා සංඛ්‍යාලේඛන පිළිබඳ (DSM – Diagnostic and Statistical Manual of Mental Disorders) ප්‍රකාශනයෙහි හොදින් කරුණු දක්වා ඇත. DSM ප්‍රකාශනයට අනුව PTSD යනු යම් ව්‍යසනකාරී අත්දැකීමකට පුද්ගලිකව මුහුණ දී ඉන් ජීවිතය නැති වීමට හෝ ශාරීරික වශයෙන් පීඩාවට පත්වීමට හෝ තිබූ අවස්ථාවෙන් හෝ වෙනත් උදවියගේ ජීවිත විනාශවනු හෝ එසේ වීමට තර්ජනයන් ඇති බැව් වැටහෙන දරුණු භීතියකට මුහුණ දීමෙන් ඇති වන්නා වූ තත්ත්වයකි. නැතහොත් සමීපතම ඥාතියෙකු හෝ මිතුරකුගේ හදිසි හෝ රුදුරු මරණයක් ඔවුන්ට එල්ල වුණු මරණිය තර්ජනයක් හෝ දැවැන්ත අනතුරක් පිළිබඳ ආරංචි ලැබීමෙන් ද මෙම තත්ත්වයට පත් වනු ඇත.

යම් දරුණු ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දුන් පුද්ගලයකුට ඒ අවස්ථාව පිළිබඳ ඇත්තේ බියක් සංත්‍රාසයක් හා අසරණ හැඟීමකි.

ළමයකු නම් අවිචාරශීලී හා කලබලකාරී වීමට හැකියි. එකී ව්‍යසන අත්දැකීමේ ප්‍රතිඵලය අසීමිත පීඩනයක් අදාළ පුද්ගලයා මත පිහිටුවන අතර ඒ පිළිබඳ මතකාවර්ජනය යළි යළිත් ඒ සිදුවීමෙහි ඔහුව හෝ ඇයව පීඩාකාරී ලෙස ජීවත් කරවයි.

මෙකී පීඩාකාරිත්වය තුළ ගොඩනැගෙන මානසික ව්‍යාකූලත්වය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ වගකීම් පසෙකට කරයි. මේ තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම චිකිත්සාමය ක්ලමථය දක්වා නැත්නම් සමාජීය රැකියාමය හා වෙනත් අවශ්‍ය වගකීම් ඉටු නොකෙරෙන නැත්නම් ඒවායෙන් දුරස්ථ වන තත්ත්වය දක්වා වර්ධනය කෙරෙයි.

ඉහත පැහැදිලි කිරීම් සියල්ලෙන්ම අනාවරණය වන්නා වූ අතිශය පීඩාකාරී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය මානසිකත්වයක් ඇති කළ හැකි සිද්ධි හෝ අවස්ථා මොනවාදැයි විමසා බලමු.


·         යුද්ධය නිසා සොල්දාදුවන්ට හා සිවිල් ජනතාවට


·         ප්‍රචණ්ඩකාරී පහරදීම්


·         ලිංගික අපරාධ


·         ශාරීරික පීඩා


·         සොරකම් මංකොල්ල


·         ස්වාභාවික හෝ මිනිස් ව්‍යසන


·          පැහැරගෙනයාම්


·         කප්පම් සඳහා රැගෙන යාම් ප්‍රාණ ඇපයට තබා ගැනීම


·         ත්‍රස්තවාදී ප්‍රහාර


·         වදහිංසා


·         දරුණු රිය අනතුරු


·         මරණය නියත රෝගයක් ඇති බැව් දැනගැනීම


·         යුධ සිරකරුවකුවීම හෝ වදකාගාරගත වීම

යනාදිය එම හේතූන් අතරින් කිහිපයකි. ළමුන් උදෙසා නම්…


·         ලිංගික පීඩා සහිත අවස්ථා


·          අපයෝජන පහරදීම්


·         තර්ජන දරුණු රෝගීන් දැකීම


·         අසාමාන්‍ය හෝ රුදුරු මරණයන් දැකීම


·         හදිසි අනතුරු


·          යුද්ධය


·          ස්වභාවික හෝ මිනිසා විසින් සිදු කරන ව්‍යසන


·         හදිසියේ මළ සිරුරක් හෝ කොටසක් දකින්නට ලැබීම

 ආදිය ක්ලමථ තත්ත්වයන් ඇති කරන අවස්ථා සමහරක් පමණක් බැව් සිහිතබා ගත යුතුය.

එසේම….


·         පුද්ගලිකවම අත්දැකීමක් ඍජුව නොලැබුවද කෙනෙකුගෙන් අසා දැන ගන්නා සමීපතම ඥාතියෙකුගේ මිතුරෙකුගේ හෝ පවුලේ අයකුගේ හදිසි මිය යාම


·         දරුවකුට ඇති සුවකළ නොහැකි රෝගයක්


·         මරණීය තර්ජන


·         ශාරීරික පීඩා


·         දරුණු රිය අනතුරු

පුද්ගලික අත්දැකීම් තරමටම ප්‍රබල විය හැකි වේ.

එසේම යම් අයෙකු මුහුණ දුන් ව්‍යසනය තමන් දන්නා හඳුනන මනුෂ්‍යයකු විසින් ඔහුට හෝ ඇයට සිදු කරන ලදී නම් ද නැතහොත් එම ව්‍යසනය කළ තැනැත්තා තමාට සමීපයේ ජීවත් වන්නේ නම් ද පශ්චාත් ව්‍යසනයේ පීඩාකාරී තත්ත්වය උග්‍රවීමට බලපෑ හැකිය.

මෙම කාලයෙන් පසු සිහිනයෙන් බියවීම පාලනය කළ නොහැකි අතීතාවර්ජන දැකීම කෙටිකාලීන මතකයේ දුර්වලතා ඉන්සොමේනියාව හදිසි ශබ්දවලට දක්වන අධිසංවේදිතාව සේම විටෙක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ද උක්ත අක්‍රමතාවයෙහි ප්‍රතිඵල වේ.

එසේම,…. මෙහි ප්‍රථිඵල ලෙස පුද්ගලයින් සාමාජීය රැකියාමය හා වෙනත් අවශ්‍ය වගකීම් ඉටු නොකෙරෙන නැත්නම් ඒවායෙන් දුරස්ථ වන තත්ත්වය දක්වා වර්ධනය කෙරෙයි. එය ඔවුනගේ එදිනෙ දා කටයුතු අඩාල කරන අතර රැකියාවේද විවාහ ජීවිතයේ දීද දෙමාපියන් ලෙස ද සක්‍රී ය වීමට ඇති හැකියාව අඩපණ කර දමයි.

ව්‍යවසන උපදේශනය යනු මිනිසා විසින් ඇති කල යුද්ධ,කැරැලි කෝලහල හා ස්වාභාවික විපත් වලින් ඡිවිත බේරාගත් අයගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා ගොඩ නැගී තිබෙන උපදේශන ක්‍රමවේදයකි.පොදුවේ ව්‍යවසනයකින් පසුව එයට මුහුණ දුන් ඡනතාව තුල මානසික අවපීඩනය දක්නට ලැබේ.

එහිදී මූලිකව දැකිය හැකි ලක්ෂණ නම්,


·         සැලසුම් රහිත බව


·         තීරන ගැනීමේ අපහසුව


·         අකාර්යක්ෂම බව


·         සිදු වූ ව්‍යවසනය පිළිබද නැවත නැවත සිහිපත් වීම


·         අනාගතය පිළිබද නිශ්චිත අරමුණු ඉලක්ක නොමැති වීම


·         නින්ද පිළිබද ගැටලු


·         කායික රෝග හට ගැනීම


·         ව්‍යවසනය නැවත ඇති වේ යැයි බිය

යනාදියයි .. එම නිසා ව්‍යවසනයකින් පසුව ඡනතාවගේ ගැටලු හදුනාගෙන ඔවුන්ගේ කුසලතා මට්ටම සංවර්ධනය කරමින් ඔවුන් තුළ අනාගතයට මුහුණ දීමේ ශක්තිය හා ගැටලු විසදීමේ හැකියාව වර්ධනය කිරිම ව්‍යවසන උපදේශනය මගින් සිදුවේ.


එම නිසා ඔබට හෝ ඔබ දන්නා මෙම සිද්ධියෙන් පීඩාවට පත්වූ හෝ එවැනි සිදුවීමකින් පීඩාවට පත් ඕනෑම අයෙකු උපදේශනයට හෝ ඒ පිළීබඳ අත්දැකීම් ඇති අයෙකු වෙත කඩිනමින් යොමු කිරීමේ වගකීම ඔබ ද සතුවේ…


 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More