මහවැලි ගඟ තවත් ජීවිතයක් බිලිගනී

මහවැලි ගගේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත් වි ඇත.
නාවලපිටිය මහකුඹුර ප්රදේශයේ පදිංචි මොහාමඩ් උස්මාන් නැමති 17 හැවිරිදි තරුණයෙකු මෙලෙස ඊයේ (10) ජීවිතක්ෂයට පත්ව ඇත්තේ
ඔහු පස්වරු 4 ට පමණ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ මහවැලි ගඟේ නාවලපිටිය සෙලම්බ්රිජ් ප්රදේශයෙන් දියනෑමට මහවැලි ගඟට බැස ඇති අතර හදිසියේ මෙම තරුණයා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර ප්රදේශවාසීන් සහ නාවලපිටිය පොලීසියේ නිලධාරින් එක්ව ගොඩගෙන සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත බාර දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.