kandy news web
kandy news web

උත්තර දේවි දුම්රිය හා බස් රථයක් ගැටේ

0 34

යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවතුණු අතර බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

AD2

කරම්බකම් මන්සංධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥාද නොසලකා හරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතල තුවාල ලබා කොඩිකාමම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුලත්කර ඇත.

උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව මීටර් 50කට වැඩි ඈතක් බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති අතර එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වූ අතරම උත්තර දේවී දුම්රියටද හානි සිදුවිය.

එහිදී දුම්රියේ තෙල් ටැංකියට හානි සිදු වී තෙල් කාන්දු වීමක් සිදු වූ අතර දුම්රිය ගමන්ද සම්පූරණයෙන්ම නැවතුණි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උත්තර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින අතරම ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවටද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කියා සිටියේය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More