kandy news web
kandy news web

දෙමටගොඩ වර්චුසාවේ සිටි සිරියාවේ IS පුහුණු සාමාජිකයෙක් කොටු 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

0 30

සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවකයකු යුද හමුදා විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබෙනවා.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ (08) සෝදිසි මෙහෙයුමකට ලක් කර තිබුණා.

AD2

තුර්කිය හරහා සිරියාවේදී පුහුණුව ලද කණ්ඩායමක් කරන ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මෙම සැකකරු සේවය කළ බව පැවසෙන වර්චුසා ආයතනය මෘදුකාංග නිර්මාණ ආයතනයක් වන බව වාර්තා වේ. 
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More