ත්රීරෝද රථ අනතුරින් පුද්ගලයකු මරුට

පොල්ගහවෙල, කහවත්තේඇළ පාලම අසලදී කැබ් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
සිදු වූ අනතුරින් තරුණයෙකු මියගොස් ඇත ඔහු ත්රීරෝද රථයේ රියදුරු වන අතර ඔහු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 19 හැවිරිදි මාවතගම ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
ත්රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.