නාඋල අවාරේ සියඹලා පල දරයි.
ඉන්දික අරුණ කුමාර - නාඋල

කලකට පසු නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් රැසක සියඹලා ශාක පල දරා ඇති අයුරු මේ දිනවල දක්නට ලැබෙනවා.
වියළි කාලගුණික තත්ත්වයන් යටතේ වඩාත් පල හටගන්නා සියඹලා ශාක අතර මැදි කන්නයක වුව ද ඵලදරා තිබීම විශේෂත්වයක් බවයි නාඋල ප්‍රදේශයේ පැරැන්නන් පවසන්නේ.
ගෘහනියන්ගේ ඉවුම් පිහුම් කටයුතුවලදී බොහෝ සෙයින් ඉවහල් වන සියඹලා වත්මනේ බීමක් ලෙසද භාවිතයට ගනු ලබනවා.
ඉතිහාසය පිරික්සීමේදී සියඹලා ගසේ නිජ භුමීය පැහැදිලි නැතැත් එය නිවර්ථන අප්‍රිකාවේ නිජ භූමිය කරගෙන පැතිරෙන්නට ඇති බවට විශ්වාසයක් පවතිනවා.
ප්රාග් ඓතිහාසික සමයේ දි සියඹලා ශාකය මිනිසුන්ගේ මාර්ගයෙන් දකුණු ආසියාවට ප්රාචාරණය වී ඇති බවට ඉතිහාසඥයන් විශ්වාසය පලකරනවා.
ඉන්දියාව ඔස්සේ පර්සියාවට හඳුන්වා දෙනු ලැබූ සියඹලා අරාබි ජාතිකයින් Tamar Hindi (ඉන්දියන් රට ඉඳි) වශයෙන් හදුන්වා තිබෙනවා.
Tamarindus Indica යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන සියඹලා ශාකය කි.පූ. 4 වන සියවසේ දි මිසර වැසියන් හා ග්‍රීක වැසියන් ප්‍රයෝජනයට ගත් බවට සාධක පවතිනවා.
දේශීය ආයුර්වේද ග්රන්ථ පරිශිලනය කිරීමේදී ද සියඹලා ශාකයට අත්වන්නේ සුව්ශේෂි ස්ථානයකි.