kandy news web
kandy news web

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක අමාත්‍යංශ යටතේ ඇති සභාපතිවරු හා අධ්‍යක්ෂ ජනරාල්වරු මුණගැසේ

0 14

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා අද (09) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර ) , 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය  පරිශ්‍රයේදී අමාත්‍යාංශය යටතේ වන සියලු ආයතන වල සභාපතිවරු හා අධ්‍යක්ෂ ජනරාල්වරු සමඟ  එම ආයතනවල ඉදිරි  වැඩපිළවෙල සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී අමාත්‍යවරයා ආයතන වල පවතින නව ප්‍රගතිය පිළිබඳව විමසා බැලූ අතර, ආයතන වල පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළේය. වැඩිදුරටත් අමාත්‍යවරයා තම සභාපතිවරු හා අධ්‍යක්ෂක ජනරාල්වරුන් දැනුවත් කරමින් පවසා සිටියේ ඒවාට කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි . 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More