මඩකලපුව විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කරේ එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවයි.
කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක ඊයේ(8) නිරත වෙමින් ජනාධිපතිතුමන් විසින් මේ බව සඳහන් කර ඇත.