kandy news web
kandy news web

ඇමති බදියුදීන් යලි දිවයිනට

0 14

ඕමානයේ සංචාරයක නිරත වූ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළීබඳ මෙහිදී අවධානය යොමු වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

AD2

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන රාජය නිරතුරුවම අවශ්‍ය උපකාර සිදු කරන බව ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

ඕමාන සංචාරය සදහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පසුගිය 04 වනදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊයේ (07) දිනයේ ඔහු යලි දිවයිනට ළඟා වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය

දෙරණ 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More