kandy news web
kandy news web

මාතලේ වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්

0 40

මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්‍රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට  ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.

AD2

සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ  රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.

සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි  මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර  ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Source : ලංකාදීප වෙබ් අඩවිය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More