kandy news web
kandy news web

අද (06) මහනුවර හා මාතලේ සිසුන්ගේ පාසල් පැමිණීම් පහත වැටෙයි

(මහනුවර) - හේරත් ඒකනායක, (නාවුල) - ඉන්දික අරුණ කුමාර

0 55

මහනුවර අධ්‍යාපන කළාපයට අයත් පාසල් තුලත් සිසුන්ගේ පැමිණීම පහත බැස ඇති බව වාර්තා වේ.

සියළු පාසල් තුළ ආරක්ෂක තත්වය තහවුරු කර තිබූ ආකාරය දැකගත හැකි විය. 

AD2

නාඋල අධ්‍යාපන කළාපයට අයත් පාසල් සිසුන් 2000 ට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ආරක්ෂාව සදහා පොලිස් හා යුධ හමුදාව කැදවා තිබුන ද පාසල් දරැවන්ගේ පැමිණිම සියයට විස්සක් දක්වා පහත බැස තිබු බව දෙමව්පියෝ පවසති.

කළාපයේ සෙසු පාසල් වල ද මෙම තත්ත්වය පැවති බව අධ්‍යාපන බලධාරිහු කියා සිටිති.

පාසලට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවලින් බෑග් පරික්ෂාව සිදුවන අතර පාසල අභ්‍යන්තරය හා භාහිර ආරක්ෂාව සදහා දෙමව්පියන්ගේද සහාය හිමිව තිබේ.

ඉදිරි දින වල දී පාසැල් දරුවන්ගේ පැමිණිමේ වෙනසක් අපේක්ෂා කරන බව ද විදුහල්පතිවරුන් වැඩිදුරටත් කියා සිටී.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More