kandy news web
kandy news web

හැඟීම්වලට වහල්වී කටයුතු නොකරන්න – කාදිනල් වහන්සේ පෙන්වා දෙයි

0 13

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (06) පෙරවරුවේ මීගමුව ප්‍රදේශයට පැමිණ අතර ප්‍රදේශයේ ආගමික නායකයින් මුණ ගැසුණි. එහිදී,

කලබලකාරි  නොවී  තවදුරටත් සාමය ආරකෂා කිරිමට ආරක්ෂක අංශ වලට උපරිම සහය දෙන ලෙසට බෞද්ධ, ඉස්ලාම් හින්දු සහ කතෝලික සියලූම ආගමික ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ පැවසූහ.

AD2


මුළු රටම කැළඹී ඇති මොහොතක අවි ගත්තවුන් අවියෙන්ම නැසෙති,  වෛරයෙන් වෛරය නොසන්සිදේ යන ධර්ම පාඨයන්  අනුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සදහන් කළහ.
 
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
 
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද පැවසූහ.

    ‘‘පාස්කු  ඉරිදා දින එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ  මා විසින් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටි ආකාරයට  ඔව්න් ඉතා සන්සුන්ව ආරක්ෂක අංශ  වලට ඔවුන්ගේ රාජකාරී නියම අයුරින් කරගෙන යාමට ඉඩ  සලසා දුන්නා. රටේ සාමය  රැකිමට උරදීම සම්බන්ධයෙන්  අගරදගුරුතුමන් ලෙස  කතෝලික ජනතාවට  මගේ ස්තූතියත් ප‍්‍රශංසාවත් පිරිනමනවා.
කලබලකාරි නොවී  තවදුරටත් සාමය ආරකෂා කිරිමට ආරක්ෂක අංශ වලට උපරිම සහය දෙන ලෙස බෞද්ධ, ඉස්ලාම් සහ හින්දු මගේ සහෝදර අනෙකුත් ආගමිකයනුත්  මම ඉල්ලා සිටිනවා.
සමහර පිරිස්  ඇවිස්සිමට කටයුතු කිරීම අපිට නොදැනෙන  කූට ලෙස ගෙනියන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්.  රට තුළ ආගමික ප‍්‍රශ්න ඇති කරලා මිනිසුන්  අතර භේද බින්න ඇති කරලා වෙනත් රටවල උපකාර ගැනීමටත් මේ රට අරාජික තත්වයට පත්කිරිමට ඉඩකඩ ඇති බව මට  වැටහී තිබෙනවා.
 
විවිධ පිරිස් අපේ රටේ අසමගිය  ඇති කිරිමට වෑයම් කරන නිසා මේ තත්වයට රට ඇද දැමීමට  සියලූම ආගමික ජන කොටස් ඉඩ නොදී සාමය ආරක්ෂා කරගනිමින් බුද්ධියට තැන  දෙමින් හැඟීම් වලට  වහල් නොවි කටයුතු කරන ලෙසට මම ඉතාම  ආදරයෙන් ඔවුන් සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
 
මුළු රටම කැළඹී ඇති මොහොතක අවි ගත්තවුන් අවියෙන්ම නැසෙති,  වෛරයෙන් වෛරය නොසන්සිදෙනවා කියන ධර්මය අනුව කටයුතු කළ යුතුයි. රට අස්ථාවර කර ඇන කොටා ගෙන  ලේ විලක් බවට මේ රට පත්කර  තම තමන්ගේ  දේශපාලන අරමුනු වලට යාමට බොහෝ අය උත්සාහ කරන තත්වයක් ඇතිවිය හැකියි.
 
ඒ නිසා  එවැනි අයට ගොදුරක් නොවී ඔවුන්ගේ සැලසුම්   සාර්ථක කිරිමට ඉඩ නොදි ඉවසිමෙන් කටයුතු කරමින්  මේ සැඟවී සිටින බලවේග කවැදැයි හඳුනා ගැනීම වැදගත් වෙනවා. නැත්නම් අපිට සිද්ධ වෙන්නේ පාඩු පිට පාඩු දරා ගැනිමට සිදුවිමයි.
 
යම් යම් කන්ඩායම් මේ ජනතාව අවුස්සලා කරලියට බස්සන තත්වයක් තියෙනවා.  එම තත්වය තුළ සමහර සිදුවිම් වෙලා තියෙනවා.  ඒකට හොදම උදාහරණය තමයි  මීගමුව ප‍්‍රදේශයේ සිදුවූ සුලූ කලබලය. ඒ කලබලය පිටුපස්සේ ඉන්නේ පිටින්  ආපු කණ්ඩායමක් කියලා තමයි වාර්තා වන්නේ.
 
 
පිටින්  ඇවිල්ලා ඒ පිරිසට හොදටම බොන්න දීලා ඒ අය හරහා  හොදින් සාමයෙන් ඉන්න කතෝලික සහ මුසුලිම් ජනතාව කෙටවීමේ වැඩපිලිවෙලකට උත්සාහයක්  දැරු බව තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ. මෙවැනි  දේ කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.
 
විශේෂයෙන්ම මම කතෝලික ජනතාවගෙන්  ඉල්ලා සිටිනවා මුස්ලිම් ජනතාවට විරුද්දව  අත උස්සන්න එපා කියලා. මේ කටයුත්ත පිටුපස  මුස්ලිම් ජනතාව නැහැ. මේක පිටුපස්සේ ඉන්නේ තමන්ගේ දේශපාලන ඉලක්කයන් මුදුන්පත්  කරගැනිමට  උත්සාහ කරන ජාත්‍යන්තර බලවේගවල අතකොලූ බවට පත්වුන ලංකාවේ නොමග ගිය තරුණ පිරිසක්. ඒ අය නිසා අනිත් අයට කරදර කළ යුතු නැහැ. ඒ වගේම  සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එක එක්කෙනාට  අපහාස වන ආකාරයෙන් කටයුතු කරන්න එපා. එතකොට වෙන්නේ  රට එකමුතු විම වැරදි අතට හරවා ගැනීමයි.

(ලංකාදීප)

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More