කොටගල විද්‍යාලයක් අසල තිබී වෙඩිබෙහෙත් මල්ලක් සොයාගැනේ

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල පැරකුම් සිංහල විද්‍යාලය ආසන්නයේ කසල ගොඩක තිබි වෙඩිබෙහෙත් මල්ලක් සොයාගෙන ඇත.
අද(06) පෙරවරුවේ එම පාසල හා අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේදී මෙම වෙඩි බෙහෙත් තොගය හමුව ඇති බව පොලීසිය පවසයි.
දෙමාපියන් විසින් පාසල අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පවත්වන අතරතුර පාසල ඉදිරිපිට කසල ගොඩක තිබී මෙම වෙඩි බෙහෙත් බහාලන ලද මල්ල සොයා ගෙන ඇති බව වාර්තා වේ.
පසුව දෙමාපියන් විසින් පොලීසියට දැනුම් දිමෙන් අනතුරුව වෙඩිබෙහෙත් මල්ලක් බව තහවුරුකොටගෙන ඇත.
ඉන්පසු පාසල අවට විශේෂ පරික්ෂාවකට ලක්කරමින් පරික්ෂ පැවැත්වීමට පොලීසිය පියවර ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.