kandy news web
kandy news web

මාතලේ පිපුරුම් ශබ්දයක්

0 52

මාතලේ-කලල්පිටිය-වැලිකන්ද ප්‍රදේශයේ අද (04) දහවල් ප්‍රදේශවාසීන් බියට පත්කරමින්  විශාල පිපුරුම් ශබ්දයක් ඇතිව ඇත.

ඇතිවූ විශාල පිපුරුම් ශබ්දය පිලිබදව පොලිසිය හා හමුදාව එක්ව අදාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

AD2

වැලිකන්ද ප්‍රදේශයේ පුදගලයෙකු තම වගා බිමට පැමිණෙන රිලවුන් පලවා හැරීම සදහා අඟල් 8 ක් පමණ විෂ්කම්භය ඇති ප්ලාස්ටික් බටයකට රතිඤඤා කරල් තුනක් එයට දමා දැල්වූ බව ප්‍රකශ කර ඇතත් ඇතිවූ අධික ශබ්දය ඊට වැඩිය වෙනස්වීම නිසා මෙම මෙහෙයුම් ආරම්භය කර තිබේ.

කඳු මුදුනක වැලිකන්ද ගම්මානය පිහිට තිබීම නිසා ඉන් ඇතිවූ අධික ශබ්දය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලල්පිටිය,බෝවත්ත.,බලකඩුව ඇතුළු ගම්මාන කීපයක ජනතාව දැඩි භීතියට පත් විය.

අදාල ඉඩම්හිමිකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී.

මාතලේ හා අලවතුගොඩ පොලිසි හා යුද හමුදාව එක්ව තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More