ගිනි අවියක්, වායු පිස්තෝල දෙකක් සහ වායු රයිෆලයක් කටුගස්තොටින් සොයා ගැනේ

කටුගස්තොට ප්‍රදේශයේ ශ්‍රී රාහුල විද්‍යාලයීය ක්‍රීඩාංගනය අසල පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාර්ග බාධකයක දී මෝටර් රථයක් පරීක්ෂා කළ විට එහිදී මොවුන් සමඟ තිබූ ස්වයංක්‍රීය පිස්තෝලයක්, වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක් සහ උණ්ඩ ඇතුළු අවි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී මෝටර් රථයක් පරීක්ෂා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කළා. එහි තිබී මෙම ගිනි අවි සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගම්පොළ, අම්පිටිය සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හතර දෙනෙක් බව පොලීසිය පවසයි..