පාකිස්ථානු විදේශ කටයුතු ඇමති සංචාරය අවලංගු කරයි

පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමූද් කුරේෂි මහතා මෙරට නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.
නමුත් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය සැලසුම් කර තිබූ බව සඳහන්ය.