මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ රියාස් අබුබකර් අත්අඩංගුවට

ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ රියාස් අබුබකර් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට ජාතික විමර්ෂන ඒජන්සිය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තමා සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරිකයකු බව පිළිගෙන ඇත.
ලංකාවේ සිදු වූ ප්‍රහාරයෙන් පසු තමන්ද මරාගෙන මැරෙන ප්‍රහාරයකට සැළසුම් කළ බව ඔහු විසින් පාපොච්චාරණය කර ඇත.
මේ වන විට ඉන්දීය ආරක්ෂක ඒජන්සිය තවදුරටත් මොහුගේ සහයකයන් පිළිබඳ සොයා බැලීම් සිදු කරයි.