කිලිනොච්චිය ප්රදේශයේ පාලමක් අසල තිබූ අත්බෝම්බයක් නිශ්ක්රීය කරයි

කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්රදේශයේ පිහිටි පාලමක් අසල දමා තිබූ අත්බෝම්බයක් හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්රීය කර ඇත.
එම ප්රදේශයේ ගම්වාසියකු විසින් අදාළ ස්ථානයේ අත්බෝම්බයක් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අදාළ ස්ථානයට පැමිණි පොලීසිය හා යුද හමුදාව අදාළ අත්බෝම්බය රැගෙන ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට කටයුතු සිදු කර ඇත .
අත්බෝම්බය එම ස්ථානයට ගෙනැවිත් දැමූ පුද්ගලයින් කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නැත . මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.