මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති තනතුරට සංගක්කාර යෝජනා වේ

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලෝ ප්‍රකට මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ (MCC) මීළඟ සභාපති තනතුර සදහා යෝජනා වී ඇති බව වාර්තා වේ.
මැරලිබෝන් ක්‍රීඩා සමාජය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසින් හඳුන්වන සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහි හිමිකාරීත්වය දරන ලොව පැරණිතම සහ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයයි.
එහිදී ඊයේ (01) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී මේ යෝජනාව සිදුව තිබේ.
ඒ අනුව කූමාර් සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතීත්වයට පත් පලමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වනු ඇති අතර ඔහුගේ නිළකාලය මේ වසරේ ඔක්තෝම්බර් පළමුවනදා සිට වසරක් ඉදිරියට බලපවත්වනු ඇත.