සභානායක කිරිඇල්ල – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් ආණ්ඩුවේ ප්රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතාත් නම් කරන බව කතානායක කරු ජයසූරිය මහතා අද (18) පාර්ලිමේන්තුව අරඹමින් කියා සිටියා. එසේම විපක්ෂ නායකවරයා ලෙස විපක්ෂයේ බහුතර මන්ත්රී පිරිසක් සිටින පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහතාත් විපක්ෂයේ ප්රධාන සංවිධායකවරයා ලෙස මහින්ද අමරවීර මහතාත් නම් කරන බවයි කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.