kandy news web
kandy news web

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ 08 දෙනෙකු වවුනියාවෙන් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 15

අන්තවාදී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ(30) වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ පොලිස් හා යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරු මත වවුනියාව නගරයේදී  එලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

AD2

ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ආරක්ෂක අංශ ‍සෝදිසි කිරීම් හේතුවෙන් වවුනියාව – නුවර මාර්ගය, වවුනියාව – මන්නාරම මාර්ගය හා වවුනියාව නගරයේ බසාර් විදීය ඇතුළු ප්‍රදේශ රැසක් වසා දැමුණා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More