සයින්දමරුදු පිපිරීමට බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කල්මුණේ, සයින්දමරුදු ප්රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රථයක් කැකිරාව, ඉහළපුලියංකුලම මරදංකඩවල ප්රදේශයේ නිවසක තිබී පොලීසිය භාරයට ගෙන තිබේ.
250 – 5680 දරණ අංකය යටතේ ලියාපදිංචි කර ඇති අදාළ වෑන් රථයේ හිමිකරු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.