සියලුම ආකාරයේ මුහුණ ආවරණය කිරීම් අප්‍රේල් 29 සිට තහනම්

ජාතික සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හදිසි අවස්ථා නියෝග යටතේ මෙම තහනම් කිරීම සිදු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බවයි.
රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජනකොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.