kandy news web
kandy news web

විල්පත්තුව ආරක්ෂක හමුදා අණසකට

0 10

අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙන් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති විල්පත්තු අභය භූමිය ආශ්‍රීත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ පසුගිය දා පනවන ලද හදිසි නීති රෙගුලාසිය යටතේයි. ඒ අනුව විල්පත්තු වනය ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් පළමු ස්ථාපිත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

AD2

මේවායින් හමුදා බුද්ධ අංශ ක්‍රියාන්විත ද සංවිධාන කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිතව විදේශීසකයන් රැඳී සිටීම පාලනය සිදු කිරීමට මෙම කඳවුරුවලට පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එසේම විල්පත්තුව ආශ්‍රීව සිදුවෙතැයි සැකකෙරෙන අන්තවාදීන්ගේ ත්‍රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ. 

ප්‍රධාන හමුදා කඳවුරු ද්විත්වය ස්ථාපනය කිරීමෙන් පසුව තවත් උප කඳවුරු කිහිපයක් මෙම ප්‍රදේශය ආශ්‍රීතව ඉදිකිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More