පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි.
අදාළ සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.