kandy news web
kandy news web

මස්කෙලිය ජුම්මා මුස්ලිම් පල්ලියේ තිබි පිහි 49 ක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ - හැටන්

0 79

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී පල්ලියේ තිබි පිහි 49ක් පොලිසියේ  භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතා පවසනවා.

මේ දිනවල දිවයින පුරා සිදු කරන සොදිසි මෙහෙයුම්වලට සමගාමිව අද (27) උදැසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරයේ තිබි පිහි 49 සහ පොරෝ තුනක්  අත්අඩංගුවට ගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

AD2

ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක්  තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් වීම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගත් බවයි මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො තුන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More