හෙරොයින් අලෙවි කරන ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට
රංජිත් රාජපක්ෂ - හැටන්

ගිනිගත්හේන ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුළු තරුණයන්ට හෙරොයින් මත්කුඩු අලෙවි කරන ප්‍රධාන ජාවාරම්කරු සහ එම ජාවාරම්කරුගෙන් හෙරොයින් මත්ද්‍රව්‍යය මිල දි ගෙන සන්තකයේ තබාගෙන සිටි තරුණයන් හය දෙනෙකු හැටන් සුරා බදු කාර්යයාලයේ නිලධාරින් විසින් ඊයේ (26) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්යය බලකායේ සේවයේ නිතරව සිට පැන ආ පොලිස් භටයෙකු බවත්, එම සැකකරු ප්‍රදේශයේ පාසල් ළමුන් සහ තරුණයන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්කුඩු අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි බවයි මෙම වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
මෙම වැටලිමේදි ප්‍රධාන සැකකරුගෙන් හෙරොයින් මත්කුඩු මිල දි ගෙන සන්කයේ තබාගෙන සිටි ප්‍රදේශයේ තරුණයන් හය දෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු සහ තරුණයන් හය දෙනා ගිනිගත්හේන ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 22, 23 සහ 47 යන වයස් කාණ්ඩවල පසුවන අය බවයි මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
මෙම සැකකරුවන් සන්තකයේ තිබි හෙරොයින් මිලිග්‍රෑම් 1240 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.