පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන් පන්සලේ පහන් පූජාවක් පල්ලියේ දේව මෙහෙයක්
මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

පසුගිය ඉරු දින සිදුවු මිලේච්ජ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට පිං පැමිනවිමට හා තුවාල ලැබුවන්ට ඉත්මන් සුවය පතමින් හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි විශේෂ පහන් පුජාවක් හා පැන් වැඩිමක් සිදු කරන ලදි.
හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම ඉරු දින මියගිය පුද්ගලයන් මිය ගොස් හත් දිනක් පිරිම නිමිති කර ගෙන මෙම පිංකම සිදු කරන ලදි.
මෙම අවස්ථාවය හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක තුමන් හැටන් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවුලවි තුමන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ඇතුළු නාගරික මංත්‍රිවරුන් හැටන් පොලිස් නිලධාරින් හැටන් ප්‍රදේශයේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් පිරිස්ද එක් විය.
මේ අතර පසුගිය ඉරිදා සිදුවු බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පිරිසට පිං පතා හා තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතා හැටන් මුස්ලිම් දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. මෙම දේව මෙහෙය සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විමල නායක හිමියන්, හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජකතුමන්, හැටන් හිංදු කෝවිලේ කුරුක්කල් තුමන්ද එක් විය .