kandy news web
kandy news web

දුම්රිය භාවිතා කරන මගී ඔබ වෙත..

0 48

 

🚂 දුම්රියට නැගීමට පෙර ඔබේ ගමන් මළු ඔබ අසල රඳවා ගන්න.

AD2

🚂දුම්රියේ අසුන් ගැනීමට පෙර මැදිරියේ සැකකටයුතු යමක් ඇතිදැයි විමසිලිමත් වන්න.

🚂 දුම්රිය ගමන් ආරම්භ කිරීමට අවම විනාඩි 5 කට පෙර දුම්රිය වේදිකාවට පැමිණෙන්න.

🚂 බොහෝ වේලා දුම්රිය ස්ථානය අසල හෝ දුම්රිය වේදිකාවේ රැදී නොසිට හැකි ඉක්මනින් ගමනාන්තයට අයත් දුම්රියෙන් පිටත් වන්න.

🚂 හිමිකරුවකු නොමැති ගමන් මල්ලක් හෝ පාර්සලයක් දුම්රිය වේදිකාවේ ඇති නම් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වී දුම්රිය ආරක්ෂක අංශය හෝ ස්ථානාධිපති දැනුවත් කරන්න.

🚂 වලංගු ප්‍රවේශය පත්‍රයක් නොමැතිව දුම්රිය වේදිකාවේ රැදී නොසිටින්න.

🚂 ඔබ ගමන් ගන්නා දුම්රිය මැදිරියේ රාක්ක මත බෑග් නොතබන්න. ඔබේ සියල්ල ඔබ අසලම තබාගන්න.

🚂 සැකකටයුතු ගමන් මල්ලක් දුම්රිය මැදිරිය තුල ඇති නම් ඒ පිළිබඳ මැදිරියේ සිටින අයගෙන් විමසන්න. එසේ අයිතිකරුවකු නොමැති නම් නියාමක දැනුවත් කරන්න.

(පවතින තත්වය මත දුම්රිය මැදිරියේ රාක්ක මත බෑග් තැබීමට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.)

🚂 අවට පරිසරය ගැන විමසිල්ලෙන් සිටින්න.

🚂 මැදිරිය තුල කිසියම් අයෙක් සැකකටයුතු ලෙස හැසිරෙන්නේ නම් ඒ පිළිබඳ විමසිලිමත් වන්න. (හැකි නම් දුම්රිය නියාමක දැනුවත් කරන්න) 

🚂 ඔබ දුම්රිය සම්බන්ධව කිසියම් දැනුමක් ඇති අයෙක් නම්, දුම්රියේ ගමන් ගන්නා විට දුම්රිය ඇතුලත හෝ  පිටත කිසියම් සැකකටයුතු දෙයක් දුටුවහොත් නියාමක හෝ ලඟම දුම්රිය ස්ථානය දැනුවත් කරන්න.

🚂 හැමවිටම ඔබේ අනන්‍යතාව සහතික කල හැකි දෙයක් ළඟ තබා ගන්න.

🚂 දුම්රිය මැදිරියේ දොරවල් අවහිර නොකරන්න.

🚂 ඔබ දුම්රියේ දොර අසල ගමන් කරන්නේ නම් දුම්රිය දොර පිටුපස සැකකටයුතු යමක් ඇතිදැයි විමසිලිමත් වන්න.

🚂 දුම්රියේ කිසියම් සෝදිසි කිරීමක් සිදු කලහොත් ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න.

 

උපුටා ගැනීමකි – ©️Kasun Munasinghe

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More