kandy news web
kandy news web

කල්මුණේ පිපිරීම සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 15ක් සොයා ගැනේ

පිරිමි මළ සිරුරු 6ක් කාන්තා 3ක් සහ ළමා මළ සිරුරු 6ක් - තුවාල ලැබූ කාන්තාවක් සහ දරුවෙක් රෝහලට

0 36

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සහ කිසියම් කණ්ඩායමක් අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් සහ සිදු වූ පිපිරීම්වලින් මියගිය පුද්ගල මළ සිරුරු 15ක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒ අතර මරාගෙන මැරෙන බොම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත ශරීරත් කාන්තාවන් තිදෙනෙකුගේ මළ සිරුරු සහ කුඩා දරුවන් හය දෙනෙකුගේ මළ සිරුරුත් වන බවයි.

AD2

සේම නිවසින් පිටත තිබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරුද සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. 

මේ අතර තුවාල ලැබූ කාන්තාවක් සහ කුඩා දරුවෙක් රෝහල් ගත කර තිබෙනවා. 

සයින්දමරදු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට කල්මුණේ පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුට මුලින්ම තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම කොස්තාපල්වරයා අදාළ තොරතුර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම්දීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම නිවස පරීක්ෂා කිරීමට ඒ ආසන්නයට යනවාත් සමග එම නිවස දෙසින් පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එසේම නිවස තුළ පිපිරීමක් සිදුව ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. පොලිසිය පවසන්නේ නිවස තුළ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් එම පිපිරවීම සිදුකරගෙන ඇති බවයි. 

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එම ප්‍රදේශය පරීක්ෂා කිරීම් ආරම්භ කර පිපිරීම් සිදු කරන ලද නිවසද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී නිවස තුළ තිබී මළ සිරුරු 12ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

ඉන් මළ සිරුරු තුනක් කාන්තාවන්ගේ බවත් තවත් 6ක් දරුවන්ගේ බවත් පොලිසිය පවසනවා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ නිවසින් පිටත නිවස ආසන්නයේ තිබී තවත් මළ සිරුරු තුනක් සොයා ගත් බවයි. 

එසේම ආරක්ෂක අංශ එම නිවස තුළට යන විටත් බරපතල තත්ත්වයෙන් තුවාල ලබා සිටි කාන්තාවක් සහ කුඩා දරුවෙකු රෝහල් ගත කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා. ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. 

මේ අතර කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More