kandy news web
kandy news web

කල්මුණේ, සමන්තුරේ සහ චාවලකඩේ යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳරි නීතිය

රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ඇඳරි නීතිය

0 61

කල්මුණේ, සමන්තුරේ සහ චාවලකඩේ යන පොලිස් බලප්‍රදේශයන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. 

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත ව සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිසියම් කණ්ඩායමක් සමග හට ගත් වෙඩි හුවමාරුවත් සමග මෙම පියවර ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ කිසියම් පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි. 

AD2

මේ අතර අද(25) රාත්‍රී 10 සිට හෙට (26) අලුයම හතර දක්වා දිවයින පුරාම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කෙසේ වෙතත් කල්මුණේ, සමන්තුරේ සහ චාවලකඩේ යන පොලිස් බලප්‍රදේශවලට පමණක් නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. 

 

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More