කල්මුණේ පිපිරීම් සමග වෙඩි හුවමාරුවක්

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පිපිරීමක්ද එහිදී සිදුව ඇති බවයි. සෝදිසි මෙහෙයුම සිදු කරනු ලැබූ ආරක්ෂක අංශ නිලධාරීන් සහ යම් කණ්ඩායමක් අතර මෙම වෙඩි හුවමාරුව සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ කල්මුණේ ජුම්මා පල්ලිය ආසන්නයේදී පිපිරීම් හඬක් ශ්‍රවණය වීමත් සමග සෝදිසි මෙහෙයුමේ නිරත වෙමින් සිට එම ප්‍රදේශයට ආරක්ෂක අංශ පැමිණි බවයි. එම අවස්ථාවේදී යම් කිසි කණ්ඩායමක් විසින් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සමන්තුරේ ප්‍රදේශයේ යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද(25) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයකට අධික සංඛ්‍යාවක්, වෑන් රථයක්, අන්තවාදීන්ට අයත් බව කියන ධජයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.