kandy news web
kandy news web

දුම්රියක් පීලිපනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

රංජිත් රාජපක්ෂ - හැටන්

0 172

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට  බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

අද (18) පස්වරු 2 ට  පමණ එම දුම්රියේ එන්ජිම පිලිපැන ඇති බවයි පාලක මැදිරිය කියා සිටියේ.

AD2

පිලිපැනීම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයේත්, විශේෂ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේත්  නතර කර ඇති බවත්, පිලිපැන ඇති දුම්රිය  පිලීගත කිරීමේ කටයුතු කඩිනනමින් ආරම්භ කරන බවත්  නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More