කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවත්වයි

කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
ඒ, ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම හේතුවෙනි.
මේ අතර කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය ද මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.