kandy news web
kandy news web

රාජිතට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් කරන්න යන දේ

0 110

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මහතා පත් කළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් මීට පෙර ජනපති වෙත ලිඛිතව කළ දැනුම්දීම තවදුරටත් වලංගු බවයි. එසේම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා එම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යා හැකි දැනුමක් සහිත පුද්ගලයකු පත් කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ. එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More