kandy news web
kandy news web

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිතුමන්ට සිය ධුර වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති දැනුම් දෙයි

0 99

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුර වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ බව ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතද දැනුම්දී ඇති බවයි වාර්තා වේ.

AD2

ජනාධිපතිතුමා ඊයේ (23) ප්‍රකාශ කළේ පැය 24 ක් තුළ ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවයි. ත්‍රස්ත ප්‍රහාර පිළිබදව දැනුවත්ව සිටියදී ඊට පියවර නොගත් බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට විවිධ පාර්ශ්ව වලින් දැඩි චෝදනා එල්ල වුණා. විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා විදෙස් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ දැඩි විවේචනයට ලක්වුණා.

ඔහු විදෙස් මාධ්‍ය හමුවේ කියාසිටියේ ප්‍රහාර පිළිබද දැන සිටි නමුත් එය මෙතරම් විශාල ප්‍රහාරයක් වනු ඇති බවට නොසිතූ බවයි. එසේම හෝටල්වලට හෝ දේවස්ථානවලට ආරක්ෂාව සැපයීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More