kandy news web
kandy news web

ත්‍රස්ථවාදීන් 300 ක් පමණ තවමත් ලංකාවේ

0 54

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වුනි .

පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

AD2

එල්.ටී.ටී.ඊ සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට වසර 12ක් පමණ ගතවු නමුත් මොවුන් එය එක වරම සිදු කළේ නිසැක වශයෙන්ම වසර කීපයක සැලසුමක් මත බවත්, මිය ගිය ත්‍රස්ථවාදීන් කීප දෙනා පමණක් නොව තවත් 300-400 ක් වැනි ප්‍රමාණයක් ලංකාවේ සිටිය හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

අපේ රටේ සිදුවු විශාලම ඛේදවාචකයට දවස් කීපයකට පෙර මුහුණ දුන් බවත්, වසර 32 පුරා පැවති යුද්ධයක වුවත් එකම දිනක දී මෙවැනි විශාල ඛේදවාචකයක් සිදු වුයේ නැති බවත් පැවසු මන්ත්‍රීවරයා, එයට හේතුව හෙමින් පටන් ගෙන පසුව වර්ධනය වු නිසා එයට හමුදාව හා රට මුහුණ දීමට පුරුදුව සිටි බව ද පැවසීය.

කෙසේ නමුත් 360 දෙනෙකු මිය ගොස් 500 අධික සංඛ්‍යාවක් තුවාල ලබා අද වන විට මුළු මහත් රටම දුක් වෙන තත්ත්වයකට පත්ව ඇති බවත්,තමා දේශපාලන බේදයකින් තොරව රටේ පැත්තේ සිට මේ පිළිබඳව අදහස් දක්වන බව ද කියා සිටියේය.

රටක් ලෙස මුහුණ දුන් මෙම ඛේදවාචකය ගැන තමාට වේදනාවක් ඇති බවත් එසේ වන්නේ රටට සේවය කළ අයෙක් වශයෙන් බවත් පැවසු මන්ත්‍රීවරයා, මෙහිදී ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදාළ නොවන බව ද පැවසීය.

රට ගොඩ ගන්නේ කෙසේ ද, රට ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන යථාර්ථයට මුහුණ දී කථා කළ යුතුව ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, වසර 32 ක් දුක් වින්ඳ රට බේරා ගත් බවත්, හෘද සාක්ෂියට අනුව දේශපාලන හා හමුදා නිලධාරීන්ගේ දුර්වලතා මත මෙවැනි කාලයක් පුරා යුද්ධය ඇඳී ගිය බව ද සඳහන් කළේය.

නැතිනම් ඒ යුද්ධයත් වසර කීපයකට පෙර අවසන් කිරීමට ඉඩ තිබු නමුත් එවැනි දුර්වලතා ප්‍රභාකරන් වැනි අය හඳුනා ගත් නිසාවෙන් යුද්ධය වසර 32 ක් පුරා ඇඳී ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට වැසියා බොහෝ දුක් වින්ද බව ද පැවසීය.

අද නැවතත් ජනතාවට භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා, එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයට මේ තත්ත්වයට පැමිණීමට විශාල කාලයක් ගත් වු බවත්, නමුත් දැන් ත්‍රස්ථවාදය මෙවැනි විශාල තැනකින් ආරම්භ කර ඇති බවත්, ත්‍රස්ථවාදීන් දෙපිරිසගේ අරමුණු වෙනස් බව ද පැවසීය.

රට බෙදන්න ආව නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය භූමිය මත පදනම්ව විනාශ වී ගිය බවත්, මොවුන් පැමිණ ඇත්තේ රට බෙදීමට නොව ප්‍රහාර එල්ල කිරීමට බවත්, ඔවුන්ගේ ආගමට යම් ප්‍රතිරූපයක් ගොඩ නැඟීම සඳහා බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

මෙය ඉතා දරුණු විෂබීජයක් වන බව ද පැවසු ෆොන්සේකා මහතා, දැන් දැනටත්  නැවතත් ජනතාවගේ ජීවිතවල අවිනිශ්චිත තත්ත්වයක් හට ගෙන ඇති බව ද  පැවසීය.

එකතු වෙලා මෙය ජයග්‍රහණය කළ යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, විශේෂයෙන් අහන්න අකමැති වුවත් විශේෂයෙන් දේශපාලඥයින් පහුගිය යුද්ධය අවසන් වු පසුව නිවැරදි මාර්ගයේ නොගිය බවද පැවසීය.

එය තමාගේ මතය බවත් මෙයට විරුද්ධ වීමට ඕනෑම අයෙකුට හැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, යුද්ධය අවසන් වු වහාම අපි විශාල උත්සවාකාර ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබූ බවත්, එය වරදක් නොවුණත් දේශපාලඥයින් මෙන්ම හමුදා නිලධාරීන් ලෙස ඔවුනුත් විනෝදකාරී ලෙස ජීවත් නොවී එයින් එහාට ගොස් වගකීමකින් රට ආරක්ෂා කිරීමට පෙලඹීමට ඉඩ තිබු බව ද පැවසිය.

රටක් රැකීමට දේශපාලඥයින්ට හා හමුදා නිලධාරීන්ට යුද්ධයක් තියෙන්නම අවශ්‍ය නොවන බවත්, ඒ වගකීම අපි පැහැර හැර ඇති බව ද පැවසීය.

යුද්ධය අවසන් වු දිනයේ සිට විනෝදකාමීත්වය හොඳින් තිබු බවත්, අවධානම් සහිත තැන් අපි කිසි විටෙකත් තේරුම් ගත්තේ නැති බව ද පැවසීය.

රටක ආරක්ෂාව ප්‍රමුඛතා මත පළමු වන ස්ථානය වන බවත්, ආර්ථිකය ප්‍රමුඛතා මත දෙවැනි ස්ථානයේ ඇති බවත් පැවසු අමාත්‍යවරයා, අපේ දේශපාලඥයින් ආරක්ෂාව වෙනුවෙන් අවධානය අඩුවෙන් යොමු කළ බව ද කියා සිටියේය.

යම් රටක ආරක්ෂාව නැතැයි යනු,  වගකිව යුත්තෝ ඒ වගකීම ඉටු කර නෑ කියන එක යනුවෙන් ද  පැවසු මන්ත්‍රීවරයා, එයින් අපට ගැළවිය නොහැකි බව ද කියා සිටියේය.

කුමන පක්ෂයක සිටියත්‍ මෙම තත්ත්වයට වගකිව යුතු බවත් පැවසු ඒ මහතා, පසුගිය දිනවල ඇතිවු සිද්ධිය ගැන විදෙස් බුද්ධි අංශ දැනුම් දී ඇත්නම් එහි වගකීමක් තිබු බව ද පැවසීය.

බුද්ධි අංශයේ ප්‍රධානියා පොලිස්පතිවරයා යටතේ නොසිටන බවත් පැවසු මන්ත්‍රීවරයා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ඇමති යටතේ එම තනතුර ඇති බව ද සඳහන් කළේය.

එනිසා නිසැකයෙන්ම මේ පිළිබඳව පොලිස්පතිවරයා මෙන්ම ජනාධිපතිවරයා හා අදාළ අමාත්‍යවරුන් දැනුවත් වී ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා, පොලිස්පති ගෙදර යැවීම මෙයට විසඳුමක් නොවන බව ද සඳහන් කළේය.

පොලිස්පතිට වඩා ඉහළින් තවත් වගකිව යුත්තන් රැසක් සිටින බවත් පැවසු අමාත්‍යවරයා මෙය රටේ ආරක්ෂාවට එල්ල වු විශාල ප්‍රහාරයක් බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් අද ඇතිව තිබෙන තත්ත්වයට පසුගිය වසර 10 පුරා තිබු සියලු ආණ්ඩු වගකිව යුතු බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, වැරදි හදා ගෙන ඉදිරියට ගත යුතු පියවර ගැනීමට වගබලා ගත යුතු බව ද පැවසීය.

නාමල් කුමාර හෝ මධූෂ් වැනි අයට ලබා දුන් ප්‍රමුඛස්ථානය හෝ මෙවැනි තොරතුරක් සම්බන්ධයෙන් ලබා දී නොමැති බව ද සඳහන් කළ ඒ මහතා, ජනපතිට හා අගමැතිට මේ පිළිබඳ වහාම ක්‍රියාත්මක වීමට ඉඩ තිබු බව ද පැවසීය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More