kandy news web
kandy news web

ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය දැන් රු. 50යි – වැඩිපුර අය කරන්නේ නම් 119ට කියන්න

ඉන්ධන මිල ඉහළ යාමේදී ප්‍රවාහන ගාස්තු ඉහළ ගියත් අඩුවීමේදී එම සහන නොදීම විශාල ගැටලුවක්

0 118

ත්‍රිරෝද රථකරුවන් ගාස්තු අඩු කිරීමකින් තොරව මගී ජනතාවගෙන් වංචනික ලෙස මුදල් අය කරන්නේ නම් පොලිස් හදිසි ඇමතුම් අංකය (119) අමතා ඒ අවස්ථාවේදීම පැමිණිලි කරන ලෙස ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ පළමු කිලෝමීටරය සඳහා රුපියල් හැටක්ව පැවැති ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 50 දක්වා පහත දැමීම කළද බොහෝ ත්‍රිරෝද රථ වෘත්තිකයන් එම ගාස්තු අඩු කිරීම නොකරන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

AD2

මෙලෙස වංචනික ලෙස මුදල් අය කර ගන්නා ත්‍රිරෝද රථ වෘත්තිකයන් සිටින්නේ නම් අදාළ අවස්ථාවේදීම පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසත්, එහිදී අදාළ තැනැත්තා වංචනික ලෙස මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉන්ධන මිල වැඩි කරන සෑම අවස්ථාවකදීම ප්‍රවාහන ගාස්තු ඉහළ ගියද ඉන්ධන මිල අඩු වීමේදී ප්‍රවාහන ගාස්තු අඩු නොවීම විශාල ගැටලුවක් බවද සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More