සැලකිලිමත්වන්න – අවධානයෙන් කටයුතු කරන්න

21 වන පාස්කු ඉරිදා දින ඇතිවූ බෝම්බ ප්රහාරයන් යි බිය මෙතෙක් අප වෙතින් පහව ගොස් නැති බව නොරහසකි.
එබැවින් අප සියල්ල නිරන්තර අවධානයෙන් යුතුව කටයුතු කිරීම සැමගේ වගකීමකි.
එමෙන්ම කටකතා වලට නොරුවටී හදවතින් නොව බුද්ධිමත්ව කටයුතු සිදු කළ යුතුය.
ජාතික ආරක්ශාව වෙනුවෙන් හමුදාවකට අමතරව සිවිල් ජනතාව වන අපට කල හැකිදේ බොහෝමයි.
බොරු ප්‍රචාර ඇති කිරීමෙන් හෝ බෙදා හැරීමට කටයුතු සිදු නොකල යුතුය.
එබැවින් අයිතිකරුවකු නොමැතිව නවත්වා ඇති රථ වාහන, අයිතිකරුවකු නොවන පාර්සල් හෝ සැකකටයුතු පුද්ගලයෙකු හෝ යම් දෙයක් දුටුවොත් හැකි ඉක්මනින් අදාල ආරක්ෂක අංශ වෙත දැනුවත් කිරීමට කටයුතු කරන්න.
තමන්ගේ වාහනෙ පාර අයිනේ නවත්තල යනව නම් තමන්ගෙ දුරකථන අංකය ලියල ඩෑශ් බෝඩ් එක උඩ තියල යන්න පුලුවන් නම් වඩා හොඳයි.
පොදු ස්තාන , පොදු ප්‍රවාහන සේවයන් භාවිතයේදී සැක සහිත පාර්සල , මිනිසුන් පිලිබද අවධානයෙන් සිටින්න. සැක සහිත දෙයක් දුටුවිට විමසීමක් කිරීමට නොපැකිලෙන්න.
බස් රථ වල තමන්ගේ ගමන් මලු අසල සිටීමට කාරුනික වන්න. අවශ්‍ය වූ විට එහි අනන්නයතාවය කොන්දොස්තර මහතාට පෙන්වීමට නිහතමානී වන්න.
ජාතික හැදුනුම්පත හෝ අනන්‍යතාවය තහවුරු කරගත හැකි ලියකියවිලි සෑම විටම ලග තබා ගන්න.
කලබල කාරී සිදුවීමක් සිදුවුනු විට ඒ අසලට රැස් වීමට නොයන්න. හමුදාවන්ට ස්තානයට ක්ශනිකව ලගා වීම ඉඩකඩ ලබා දෙන්න.
යම් පිපුරුමක් සිදුවීමකදී හැකි ඉක්මනින් පොලවේ දිගාවන්න.
මුහුනු පොතේ පලවන තොරතුරු නිසි පරීශනයකට භාජනය නොකර ඔප්පු වනතෙක් ආගම් වාදී මත ඉදිරිපත් කිරීමෙන් වලකින්න.
හදිසි අවස්ථාවකදී ඔබේ සහය ලබාදීමට කාරුනික වන්න.ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.
110 – හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන්
112 – පොලිස් හදිසි සේවා (ජංගම)
114 – යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
115 – කොළඹ මහ නගර සභා මෙහෙයුම්
116 – ශ්‍රි ලංකා ගුවන් හමුදා හදිසි සේවා
117 – ආපදා කළමණාකරණ ඇමතුම් මධ්‍යස්ථානය
118 – ජාතික උපකාරය
119 – පොලිස් හදිසි සේවා
011-2434251 යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය