අද 12ට රෑ හමුදාවට රට සම්පූර්නයෙන්ම භාර දෙනවා කියන එකේ තේරුම

1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ත්‍රස්ත මර්ධනයට අදාළ හදිසි නීති විධිවිධාන අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කිරීමට ආරක්ෂක කවුන්සිලය තීරණය කර ඇත. එමගින්,
01. වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට
02. නිශ්චල සහ චංචල දේපල රජයේ පාලනයට ගැනීමට
03. සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීමට
04. පවතින පොදු නීතිය අභිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට
05. මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැගෙන වැඩිමනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ.
හදිසි නීති රෙගුලාසි හෝ, එම රෙගුලාසි මත පනවන කිසිදු ආඥාවක්, දෙන නියෝගයක්, හෝ මඟ පෙන්වීමක්, කිසිදු අධිකරණය ප්‍රශ්ණ කිරීමට භාජනය කළ නොහැකි වන අතර හදිසි නීති විධිවිධාන යටතේ, එම රෙගුලාසි වලට අනුකූලව කරනු ලබන කිසිදු ක්‍රියාවකට එරෙහිව කිසිදු අධිකරණයක කිසිදු නඩු පැවරීමක්, නඩු විභාගයක්, හෝ අපරාධ විධිවිධාන ක්රියාවේ යෙදවීමක් කළ නොහැක.